Thursday, September 27, 2012

අටවන පියවර - පියාඹන්න අවසරයි

හොඳයි එහෙම නම් මාසෙකට පස්සේ අපි ආයෙත් අර කතාව පටන් ගනිමු . ඔව් දැන් ඔබට කැනඩාවට ඒමේ මුලික සුදුසුකම , එනම් වීසා අතට හම්බ වෙලා තියෙන්නේ ...දැන් මොනවද අපි කරන්නට ඕන කියන එක ගැනයි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ ...කෙනෙක් අහයි “ තව ඉතින් මොනවද ...පියාඹන්න තියෙන්නේ “ කියලා ..නැහැ , දැන් තමයි බොහොම සැළසුම් කරගත යුතු වැඩ රාශියක් , ඒ වගේම එක්කොම කර ගන්න කෙටි කාළයක් තියෙන්නේ ...ඇත්තටම දැන් අපි මොනවද කරන්නට ඕන ?...




ඔබ දැනටමත් රාජ්‍ය ආයතනයක හෝ පිළිගත් ආයතනයක රැකියාව කරනවා නම් , සමහර විට ඔබට වසර කිහිපයකට නිවාඩු ගන්න පුළුවන් වේවි  , එහෙම පුළුවන් කමක් තිබේ නම් , රස්සාව දාල යන්නේ නැතිව නිවාඩු අරගෙන යන එක ඇඟට ගුණයි  .මොකද අපි දන්නේ නැහැනේ අළුත් රටට ගැලපීම මොන විදියට වේද කියලා ..ඒත් එහෙම බැරි අවස්ථාවල් ඇති වේවි . මොකද මෙතෙක් අප ගැන බොහොම කරුණාවෙන් ...“අනේ එයාල ට්‍රයි කළාට යන්න බැහැ වගේ නේ ?“ ...කියාගෙන හිටි අය දැන් අපිට බොහොම ආදරෙයි ...ඒ ආදරේ නිසාම , ඔය නිවාඩු ගැනීම , වගේ රජකාරිමය කටයුතු බොහොම “පහසුවේවි“ ...ඔය ගැන ඉතින් විස්තර කියන්න ඕන නැහැනේ ...කොහොම වුනත් පුළුවන් නම් නිසි පරිදි රැකියා ස්ථානයට දන්න කටයුතු කරන එක වැදගත් වේවි ...

ඒ වගේම ඥාතින් අතරේ තමන්ගේ “රට යන ගමන“ ගැන දැනුවත් “කළ යුතු“ අය ඉන්නවා නම් , යන්න ඒ ගෙවල් වලත් , ගිහින් සුභාශිංෂණ ලබා ගන්න , පිංතූරයකට ඉන්න ...(මොකද තව අවුරුදු තුන හතරකට පස්සේ ආයෙත් ගියාම පුදුම සතුට දනවන පිංතූරයක් වේවි එය ) ....පන්සලට , පල්ලියට ගිහින් හාමුදුරුවන්ගේ , පියතුමාගේ ආශිර්වාදයන් ලබා ගන්න ...ඕව මොනවටද කියල හිතන්න එපා ...තව ටික දවසකින් ඔබ එක්තරා විදියකින් “මහා තනි කමකට “ පත්වෙනවා ...එදාට ඒ ආශිර්වාදයන් හිතට ධෛර්යය ගෙන දෙන හැටි දැනේවි ..

ඊළඟට .....දැන් ඉතින් යන්න බලාපොරොත්තු වන නගරය , දිනය ගැන සාකච්ඡා කරගෙන මුල්න්ම යන්න , ඔබේ ගුවන් ගමන් බලපත් ගැන සොයල බලන්න ..ඔබ නියෝජිතයෙක් මගින් ගුවන් ගමන් ටිකට් පත් ලබා ගන්නට උතසාහ කරනව නම් , තැන් කිහිපයකට යන්න , දැන් නම් ඉතා පහසු විදියට e ticket ගන්න පුළුවන් , එතැනදි අදාල ආයතනයට මුදල් ගෙව්වා පස්සේ , ඔබේ ඊමේල් එකට එවන ගුවන් ගමන් ටිකට්පත පිළිබඳ සටහන , ගුවන් තොටපලේ අදාල නිලධාරින්ට යොමු කළාම , සාමාන්‍ය ගුවන් ටිකට්පත ඔබට ලැබෙනවා ..මම නම් කළේ එහෙම , මට දැනෙන විදියට ඒ ක්‍රෙම් පහසුයි ...

.දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා ... Transits කීයක් ගන්න වේද ....? ...ඒ කියන්නේ ලංකාවේ ඉඳලා කැනඩාවට තවමත් සෘජු ගුවන් ගමන් නැති නිසා , අනිවාර්යයෙන්ම ...මග බැහැල ( ඒකීවේ ...අතර මැදි ගුවන් තොටුපලක බැහැල) වෙනත් යානයකින් ඉතිරි ටික යන්නවෙනවා ...ඔය විදියට මග බහින ප්‍රමාණය වැඩි වුනාම , සමහර විට වියදම අඩු වෙන්න පුළුවන් , ඒත් ඒ වැඩේ ටිකක් කරදරයි , විශේෂයෙන්ම ඔබ දරුවන් එක්ක නම් එන්නේ එය අතිශ්‍යය කරදරකාරිවේවි ...ඒ නිසා අවම Transits  ගණනක් තිබෙන rout එක තෝරගන්න එක තමා හොඳ ,transit duration එක ගැනත් හිතන්න  ...( මේ මගේ අදහසක් විතරයි ) ...මේ ගැන පොඩි අදහසක් ගන්න මේ ලිංක් එක පැත්තේ ගිහින් බලන්න http://www.srilankan.com මේ මට දැන් ආපු විස්තර ටිකක් පහල පිංතුරයේ දාල ඇති ...දැක්ක ගමන් බය වෙන්න එපා ..ටිකක් කියලවල බලල පොඩි idea එකක් ගන්න .


ඔය ටිකට් එක ඉල්ලුම් කරත්දි මුලින් කී දේ ගැන වගේම , baggage විදියට  කිලෝ ග්‍රෑම් කියක බඩු ගෙනියන්න පුළුවන් ද කියන එකත්  දැන ගන්න ..එතැනදි අතේ ගෙනියන්න පුළුවන් ,  carry on baggage එක ගැනත් , ගුවන්යානයේ ගබඩාවේ ගෙනියන , check in baggage ගැනත් හරියටම දැන අසාගන්න එක වටිනවා , මොකද ඒ ගැන දන්නේ නැතිව බඩු කරගහගෙන ගිහින් ගුවන් තොටු පලේදි අමතරව වැඩු මුදලක් ගෙවන්න හරි , නැත්නම් ඒ වටින දේවල් විසි කරලා දාල යන්න හරි වේවි නැත්නම් ..

හරි ..ඔය ටිකට් එක ගන්න ගිය ගමන්ම , ගමනට ඕන කරන බඩු මුට්ටු ටිකත් ගන්න පුළුවන් නම් ලේසියි ...මොනවද ගන්න ඕන ....? ????

මුලින්ම , ඇඳුම් ටිකක් ගන්න , විශේෂයෙන්ම ඔබ එන්නේ සීතල කාළයක නම් ඊට සුදුසු ඇඟළුම් ගන්න එක හොඳයි , එතැනදි ලේයර් තුනක් තියෙන හොඳ සිතල කබා , අතවැසුම් ගන්න , පොඩ්ඩෙක් ඉන්නවා නම් ලොකු අයට ගත්ත quality එකට වඩා හොඳම තත්ත්වයේ ඇඳුම් කිහිපයක් ගන්න ...මෙන්න ලිංක් එකක් , එකෙන් ගිහින් ඒ ගැන පොඩි අවබෝධයක් ගන්න එක හොඳයි ..http://lifestyle.iloveindia.com/lounge/how-to-buy-a-winter-jacket-6693.html

ඔබ එන්නේ ග්‍රීශ්මයේ නම් ලොකු වෙනසක් ඕන නැහැ , සරල ඇඳුම් ටිකක් ගන්න , පොඩ්ඩන්ට ගනිත්දි නම් චුට්ටක් විතර ලොකුවට ගත්තත් කමක් නැහැ , මොකද ඇවිත් සති දෙකෙන් තුනෙන් “බලාගෙන ඉඳිත්දි“ ලොකු වෙනව වගේ දැනේවි , ..කොහොම වුනත් ඇඳුම් වලට ටිකක් වැඩියෙන් වියදම් කළාට කමක් නැහැ ,මොකද කැනඩාවෙද ඇඳුම් ගන්න ගියාම සමහර විට “තරු පේන්නත් පුළුවන් මුල් කාළෙදි “ ...
ඊළඟට වැදගත්ම දේ බෙහෙත් ටිකක් ගන්න , පවුලේ දොස්තර මහත්තය හම්බවෙලා , මේ රට යන එකත් කියලා , ඔය පොඩි පොඩි අමාරුකම්  වලට ගැනපෙන බෙහෙත් පෙති , කරල් ටිකක් ඉල්ල ගත්තට වරදක් නැහැ , පැරසිටමෝල් ටිකක් , පිරිටන් පෙති ටිකක් , ඔය බාම් වර්ග කිහිපයක් , බඩේ දැවිල්ලට දෙන සිරප් , පෙති ටිකක්, පොඩ්ඩනට දෙන විටමින් ටිකක් , ...ඔය වගේ වැගේම දොස්තර මහත්තය උපදෙස් දෙන විදියට ගන්න සුදුසු බෙහෙත් ටිකක් ..මේ කතාව ටිකක් වැරදියි කියළ පේන්න පුළුවන් , ඒත් ප්‍රායෝගිකව එන 
ප්‍රශ්නයක් තමයි කැනඩාවට පය ගහල මාස කිහිපයක් යනකම් “medical cover එකක් “ නොලැබෙන්න පුළුවන් ...හැබැයි ඒක වෙනස් වෙනවා Province එක අනුව ..ඔන්ටාරියෝ වල නම් මාස තුනක් බලාගෙන ඉන්න වෙනවා ... ඒ කාළේ ඇතුලේ ලෙඩක් වුනොත් , එක්කෝ ඔබේ අතේ මුදලින් බෙහෙත් ගන්න වෙනවා , නැත්නම් කැනඩාවට ආ ගමන්ම “වෛද්‍ය රක්ෂණයක්“ අරගෙන එයින් වියදම් කරන්න වෙනවා . ඒකත් හොඳ අදහසක් , ඒත් ඒ වැඩේටත් පොඩි වියදමක් යනවා ....අනෙක් ආ ගමන් ඔය ඔළුවේ කැක්කුම් , උණ වගේ පොඩි පොඩි අමාරු එන්න පුළුවන් ..ඇත්තටම බොහොම සරළ ප්‍රතිකාර වලින් හොඳ කර ගන්න පුළුවන් එකේ ලොකු වියදම් කරන්න ඕන වෙන්නේ නැහැනේ ..
ඇඳුම් , බෙහෙත් වලින් පස්සේ , වියළි කෑම වර්ග ටිකක් ගත්තට කමක් නැහැ , හැබැයි පැකට් කරපුව ගන්න පුළුවන් නම් හොඳයි , නැත්නම් පැකට් කරලා , ඒකේ අඩංගු මොනවද කියල “ඉංග්‍රිසියෙන්“ ලේබල් කර ගන්න ඕන ...මෙහෙම කීවේ අපි හුඟදෙනෙක් උම්බලකඩ , කරවල වගේ දේවල් උස්සන් එන්න පුදුම මහන්සියක් ගන්න නිසා , ඔබ ටොරොන්ටෝ වලට නම් එන්නේ ...ඔය කෑම බිම ජාති ගොඩක් කරගහ ගෙන එන්න එපා ..මොකද ලංකාවේ කෑම ජාති , සමහර විට ලංකාවට වඩා ලාබෙට , හොඳ quality එකට මෙහෙදි ගන්න පුළුවන් ...දන්නවද පතෝල , බණ්ඩක්ක ඉඳළ  , තෝර කරවල , උම්බලකඩ සම්බල් වුනත් මෙහෙදි ගන්න පුළුවන් ..ඒ නිසා දුක් විඳගෙන , ලෙඩ දාගෙන ( සමහර වෙලාවට ගුවන් තොටුපල ආරක්ෂක නිලධෘරින් මේ ආහාර වර්ග ගැන විමසන්නට ඉඩ ඇති නිසා ) අරගෙන එන්න ඕන නැහැ ..ඒත් ඔබ එන්නේ වෙනත් පළාතකට නම් මේ කාරනේ ටිකක් වෙනස් වෙන්න පුළුවන් ...

දැන් වැදගත්ම දේ ..ඔය මඩු මුට්ට් පැක් කර ගන්න පුළුවන් හොඳ බෑග් කිහිපයක් ගන්න , රෝද තියෙන ඇඳ ගෙන යන්න පුළුවන් බෑග් වගේම අතේ ගෙනියන්න පුළුවන් (අර නෝනල ගෙනියන පොඩ් හැන්ඩ් බෑග් නෙවි) බෑග් කිහිපයකුත් ගන්න ...
හරි ඔය බඩු මුට්ටු ඔක්කොම අරගෙන දැන් මහන්සි ඇති නේ ...දැන් පරිස්සමින් ගෙදර එන්න ..ඇවිත් බඩු ටික පැත්තකින් තියල පොඩි විවේකයක් ගන්නකෝ ...ඔව් ..තේ එකක් එහෙම බීලා ....ගෙදර ලිඳෙන් නාල එහෙම එන්න ...ආයෙ කාළෙකට එහෙම නාන්න ලැබෙන එකකුත් නැහැනේ ...මතක ඇතුව එනගමන් පොතකුයි පෑනකුත් අරගෙන එන්න ..දැන් අපිට මේ බඩු මුට්ටු ලැයිස්තුවක් හදන්න තියෙනවා ...තව පොඩි සටහන් දාන්නත් තියෙනවා .............එහෙම නම් ..ටිකක් කළබලේ මේ ටික ලිව්වේ ...ඉතිරි ටික පුළුවන් ඉක්මනට ලියන්න උත්සාහ ගන්නවා ...සිදුවන ප්‍රමාදයන් ගැන තරහ ගන්න නම් එපා ..මොකද ඔබ මේ පැත්තට ආ දවසට වැටහේවි , කාළයෙන් කොයිතරම් වැඩ ගන්න ඕන ද  කියන එක ඇත්තටම ....විශේෂයෙන්ම මුල් කාලේ ටිකක් කළබලකාරියි ....අපි තවමත් ඉන්නේ ඒ මුල් කාළෙ නිසා තතත්වය තේරුම් ගනු ඇතැයි හිතනවා ....
ඒ වගේම මේ ලිපියෙන් ඔබට  පලක් ප්‍රයෝජනයක් වුනාද කියල දැන ගන්න පුළුවන් ඔබේ අදහස් එක්ක ...ඒ ගැන යමක් ලියන්න යන්න තරම් ඔබට වෙලාවක් ඇති කියල හිතෙනවා ...එහෙම නැතත් පටන් ගත්ත වැඩේ දිගටම කරනවා ...ඒත් මේ හැමදේටම සතුටක් අවශ්‍යමයිනේ ....බ්ලොග් ලියන අපට ලැබෙන  එකම දේ තමයි කියවන ඔබෙන් ලැබෙන අදහස් , ....ඉතින් .....ඉක්මණින් ආයෙත් එන්නම් ..

පුළුවන් නම් මේ ලිංක් එකෙන් මේ පෝරම් දෙක බාගත කරගෙනම ඉන්න ...