Showing posts with label හැඳින්වීම. Show all posts
Showing posts with label හැඳින්වීම. Show all posts

පළමු පියවර - මේ කොයි යන්නේ ...

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,